කැටගොඩ වෙනුවට බැසිල් පාර්ලිමේන්තුවට..

කැටගොඩගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට බැසිල් රාජපක්ෂගේ නම මැතිවරණ කොමිසමට..

by Staff writer 06-07-2021 | 3:32 PM

COLOMBO (News1st) : ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පස්වරුවේ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන්නේ ය.