ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත් කොළඹ 55 ට වැඩි පුද්ගලයින්ට හෙට (07) Pfizer එන්නත

by Sagarika Chathumali 06-07-2021 | 9:57 AM

COLOMBO (News1st) :  ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත්  මාත්‍රාව ලබාගත්, කොළඹ 01  සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස Pfizer එන්නත ලබාදීම හෙට (07) සිට ඇරඹේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එන්නත්කරණ දිනය හා ස්ථානය SMS මගින් දැනුම් දෙන බවයි. ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් පළමු තොගය ඊයේ (05) අලුයම මෙරටට රැගෙන ආවේ ය. ඊට මාත්‍රා 26,000 ක් ඇතුළත් වූ අතර Pfizer එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් මෙම මාසය ඇතුළත කොටස් වශයෙන් ලැබීමට නියමිතයි.