ඇමතිකම් විහිළුවට ගත්තොත් වැඩ වරදී..

ඇමතිකම් විහිළුවට ගත්තොත් වැඩ වරදී.. - පොදුජන පෙරමුණ

by Staff writer 06-07-2021 | 8:34 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පාර්ශව කරන ඇතැම් විවේචන සම්බන්ධයෙන් එම පක්ෂයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රතිචාර දක්වා තිබුණේ ඇමතිකම් විහිලුවට ගත්තොත් වැඩ වරදියි ලෙසය.

මොනයම් ඇමති ධුරයක් ලැබුණත්, ඒ ඇමති ධුරය බැබළවීමේ හැකියාව ඇත්තේ ඇමතිවරයාට බව එම සටහනේ පෙන්වා දී තිබූ අතර එහි දැක්වුණේ මහින්ද රාජපක්ෂ චරිතය මේ සඳහා හොඳම උදාහරණය වන බවය. ජනතාවට දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කිරීමට බැඳී සිටින බැවින් වැඩ බැරි අයට පසෙකට වී වැඩපුළුවන් අයට ඉඩහසර සැලසීමට කාලය උදා වී ඇති බව ද එම සටහනේ වැඩිදුරටත් සඳහන් විය.