අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් සිසු අයිතියට

Online පහසුකම් නොමැති දරුවන්ට අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද සිට..

by Staff writer 05-07-2021 | 6:20 PM

COLOMBO (News 1st) : කොරෝනා වසංගතයත් සමග Online හෙවත් මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී අසීරුතාවලට මුහුණ දී සිටින දරුවන් වෙනුවෙන් අද(05) සිට සම්පත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරේ.

ඒ , පාසල් ඇතුළු තෝරා ගත් ස්ථාන 2,096කදී ය. මතුගම, දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම, ඕමත්ත ජනපද කණිෂ්ඨ විද්‍යාලයේ අද එම සම්පත් මධ්‍යස්ථාන විවෘත කෙරිණි. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්ව සිටියේ ය.