by Staff writer 05-07-2021 | 8:51 PM
COLOMBO (News 1st) - දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 'තෝර්' නැමති සිංහයාට වැළඳී ඇත්තේ එංගලන්තයේ පැතිර ගිය ඇල්ෆා නැමති කොවිඩ් වෛරස් ප්‍රභේදය බව තහවුරු වී තිබේ.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද හා අනුක වෛද්‍ය අධ්‍යන අංශය සිදු කළ පර්යේෂණවලින් අනතුරුවයි.
2013 වසරේ දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයෙන් රැගෙන ආ 'තෝර්' නැමති සිංහයාට කොවිඩ් අසාදනය වී ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පසුගිය මස 18 වැනිදා නිවේදනය කළේ ය.