ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට දින නියම වෙයි

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට දින නියම වෙයි

by Staff writer 05-07-2021 | 11:27 AM

COLOMBO (News 1st) :  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට දින නියම වී තිබේ.

ඒ අද (05) පැවති පක්ෂ නායක රැස්වීමේදී ය. ඒ අනුව, ලබන 19 සහ 20 දෙදින එම විවාදය පැවැත්වීමට නියමිත ය. ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින්, සමගි ජනබලවේගය මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාර දුන්‌නේ ය.