එජාපය ප්‍රතිසංවිධානය කරන අලුත්ම කමිටුවත් රංගනයක්ද?

එජාපය ප්‍රතිසංවිධානය කිරීමේ රනිල්ගේ අලුත්ම කමිටුවත් අතීතයේ කමිටු මෙන්ම කූඨ රංගනයක් ද?

by Staff writer 04-07-2021 | 6:30 PM

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමටත්, පක්ෂය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය කරුණු සොයා බලා නිර්දේශ කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

සති අන්ත පුවත්පත් වාර්තා කරන්නේ, පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ උප සභාපතිවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්වරුන් එම කමිටුවට පත්කර ඇති බවය. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට මීට පෙර ද විවිධ කමිටු පිහිටුවා තිබුණි. එහෙත් ඒ සියලු කමිටුවල නිර්දේශවලට අවසානයේ සිදුවූයේ ගඟට ඉණි කැපුවාක් වැන්නකි. එන්.ජී.පී. පණ්ඩිතරත්න කමිටුව පිටිපන කමිටුව මනෝ - මලික් කමිටුව මෙන්ම කරු ජයසුරිය ප්‍රමුඛ නායකත්වය මණ්ඩලය පත් කිරීමත් මෙවැනි සිදුවීම් ය. පසුව පත් කෙරුණු රුවන් විජේවර්ධන මහතා කමිටුවේ නිර්දේශ ද හෙළි කෙරුණේ නැහැ. මෙම නවතම කමිටුවත් අතීතයේ පත් කළ කමිටුවල දිගුවක් බවට පත්වේද? මෙයත් කල්මැරීමේ කමිටු පෝඩා කූඨ රංගනයක් ද?