by Staff writer 04-07-2021 | 9:31 PM
COLOMBO - මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සාගරයට හා සාගර ජීවින්ට එල්ල වී ඇති හානිය තවමත් අවසන් වී නොමැත.
දිනෙන් දින මෙරට වෙරළ තීරයන්ට සාගර ජීවින්ගේ සිරුරු ගොඩ ගසමින් පවතී.
මේ අතර අදත් ස්ථාන කිහිපයක වෙරළ තීරයනට නෞකාවේ තිබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැවතත් ගොඩ ගසා තිබේ.
ගල්කිස්ස වෙරළ තීරයට අද නෞකාවේ තිබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ද ගොඩ ගසා තිබුණි.
අද පෙරවරුවේ අඟුලාන වෙරළ තීරයේ ද ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැතිරී තිබුණි.
මේ අතර අද වෙන්නප්පුව, උල්හිටියාව වෙරළට මියගිය කැස්බෑවෙකු ගොඩා ගසා තිබුණි.
කොස්ගොඩ දූව මෝදර වෙරළට තීරයට අද තවත් කැස්බෑවෙකු ගෙඩා ගසා තිබුණු අතර දූව මෝදර වෙරළ තීරයට මේ වනවිට මළ කැස්බෑවුන් 10 පමණ ගොඩ ගසා ඇත.
ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් අබලි නෞකාව කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇතැයි වෙළෙඳ නැව් අධ්‍යක්ෂ අජිත් සෙනෙවිරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, නෞකාව එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා තුරු එය රැක බලා ගැනීම සඳහා නෞකාව භාර සමාගම හා රක්ෂණ සමාගම විසින් වෙනම පාර්ශ්වයක් පත්කර ඇති බවය.
නෞකාව අබලි නෞකාවක් ලෙසට මේ වනවිට සලකන බව අජිත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.
මේ වනවිට නෞකාවේ කොටස් ඉවත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ද වෙළෙඳ නැව් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.
අබලි නෞකාව තිබෙන ස්ථානයේ නෞකාවක් සහ ටග් යාත්‍රාවක්, කුඩා බොට්ටුවක් ද ඇත.