English
தமிழ்
කර්තෘ Staff writer
04 Jul, 2021 | 8:39 pm
බොස්ටන් වරායේ තේ සාදයෙන් ආරම්භ වූ රැල්ල අවසාන වූයේ අමෙරිකාවේ සියලු ප්‍රාන්ත බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් නිදහස් කර ගනිමිනි.
නියෝජනයකින් තොරව බදු පැනවීම ගැන කලකිරීමට හා කෝපයට පත් වූ අමෙරිකානුවන් 1773 දෙසැම්බර් 16 වැනි දින රාත්‍රියේදී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම විසින් ආනයනය කරන ලද තේ පෙට්ටි 342ක් වරායෙන් මහ මුහුදට විසි කරන්නේ කැරැල්ලේ පළමු පියවර ලෙසය.
බොස්ටන් තේ සාදයෙන් පසුවත් අමෙරිකානු විප්ලවයට තුඩු දුන් ප්‍රධාන සිදුවීම් කිහිපයක් තිබේ.
අමෙරිකානු විප්ලවය ආරම්භ වී වසර 02ක ගතවන තැන එනම් 1776 ජූලි 02වැනිදා අමෙරිකාව බ්‍රිතාන්‍ය කීරිටයෙන් නිදහස් රාජ්‍යක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
1776 ජූලි 04 වැනි දින නිදහස් ප්‍රකාශනය අත්සන් කරන්නේ එහි ප්‍රතිඵලය ලෙසය.
1860 දී පළමු රිපබ්ලිකන් ජනාධිපතිවරයා ලෙස ඒබ්‍රහම් ලින්කන් මැතිවරණය ජයග්‍රහණය කරන්නේ යළි කිසි දිනක අමෙරිකානු භූමියේ වහල් සේවය ක්‍රියාත්මක නොකරන බවට වූ ප්‍රතිඥාවත් සමගිනි.
“කැරලිකාර රාජ්‍යයන් තුළ වහලුන් ලෙස රඳවා සිටින සියලු පුද්ගලයින් මෙතැන් සිට නිදහස්”
ඒ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වචනයි.
ඒබ්‍රහම් ලින්කන්ගේ ඒ ප්‍රකාශය යථාර්ථයක් පවට පත් වූයේ අප්‍රිකානු අමෙරිකානු ඇමතිවරයකු හා ක්‍රියාකාරිකයෙකු වූ මාටින් ලූතර් කිං ඇතුළු සිවිල් ක්‍රියාකාරින් ජීවිත පරිත්‍යාගයෙන් කළ මැදිහත්වීම් මතිනි.
නිදහස පිළිබඳව ඉතිහාසයට පාඩම් රැසක් කියා දුන් අමෙරිකානුවන් අද සිය 245 වැනි නිදහස සමරන්නේ මහත් අභිමානයෙනි.
23 Oct, 2021 | 09:38 AM
26 Feb, 2021 | 08:15 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS