COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.
මෙම හමුවේදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා වී ඇති අතර පවතින කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රගතිය උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේ ය.
ඒ සඳහා මහ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානය යොමු වී ඇති අතර සමගි ජන බලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන හරහා ක්‍රියාත්මක රෝහල් උපකරණ ලබාදීමේ වැඩසටහනට අවශ්‍ය සහයෝගය ද ලබා දෙන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා ප්‍රකාශ කළේ ය.
