මදුරන්කුලියේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

by Staff writer 03-07-2021 | 6:07 PM

COLOMBO (News 1st) - පුත්තලම, මදුරන්කුලිය, විරුතෝඩෙයි ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

හලාවත ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ පිටත් කර යවා ඇති බවය. ගින්න ඇති වී තිබෙන්නේ අද(03) උදෑසන වන අතර අප වාර්තාකරු පැවසුවේ තවමත් ගින්න නිවා දැමීමට සමත් වී නොමැති බවය. ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව තුළ අපනයනයට සූදානම් කර තිබූ කොහු තොගයක් විනාශ වී තිබේ.