පාලන මිලට වෙළෙඳපොළේ  සීනි නැහැ..

පාලන මිලට වෙළෙඳපොළේ සීනි නැහැ - රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න

by Staff writer 03-07-2021 | 9:47 PM

COLOMBO (News 1st) - පාලන මිලක් පනවා තිබුණ ද එම මිලට වෙළෙඳපොළේ සීනි නොමැති බවත් මිල පාලනයක් සිදු නොවන බවත් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අපේ රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සීනී අතිරික්ත ප්‍රමාණයක් තියනවා. නමුත් ආනයනකරුවන් විසින් අසාධාරණ ලෙස ඉතාමත් වැඩි මිලට සීනි අලෙවි කිරීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයට රජය මේ වනවිටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා. දැනට තියන පාලන මිලට මොනම ආකාරයකින්වත් සීනි වෙළෙඳපොළේ නැහැ. අධිකරණමය ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් කොච්චර ගත්තත් තිබෙන නීතිවල අඩුපාඩු තියන නිසා තමයි මාසයක් ඇතුළත පාරිභෝගික අධිකාරියේ පනත සම්මත කිරීමට කටයුතු කරලා තිබෙන්නේ.