by Staff writer 03-07-2021 | 5:17 PM
COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරි බවය.
පොලීසිය අධිකරණයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා තිබේ.
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බව අධිකරණය එම අවස්ථාවේදී දැනුම් දී තිබේ.
ඒ අනුව තවත් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
එම පුද්ගලයින් අතර ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න , සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණරත්න යන මහත්වරුන් සිටින බව ද පොලීසිය සඳහන් කළේය.