by Staff writer 03-07-2021 | 11:32 PM
COLOMBO (News 1st) - රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ආපු බලධාරීන්ට ටික කාලයක් යද්දී ඒවා අමතක වෙනවා.
ඒ විතරක් නෙමෙයි, ඇතැම් විසඳුම් ගමේ ඇත්තම ප්‍රශ්නය වෙනුවෙන් නෙමෙයි ලැබෙන්නේ.
මේ සියල්ල අතරේ සැබෑ ජනතා ප්‍රශ්න හඳුනා ගත් ගම්මැද්ද, අද(03) ගම් 5ක පවුල් 600ක් වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියකට මුලපිරුවා.
අනුරාධපුර, මහවිලච්චිය, මන්නාරම් හන්දියට යාබද ගම් 05ක පවුල් හයසීයක් වතුර බොන්නේ අත්පිට මුදලට.
සිල්ලර කඩෙන් ණයට ගත්තත් වතුර ණයට ගන්න බැහැ.
සල්ලි නැත්නම් වතුර නැහැ .
එහෙමත් නැත්නම් වසර සොයා කිලෝමීටර් ගාණක් ඇවිදින්න ඕන .
හිත හදාගෙන ගමේ වතුර බිව්වොත් වකුගඩු ලෙඩ .
දැනටමත් මේ ගම්වල හිටපු පනහකට වැඩි පිරිසක් වකුගඩු රෝගයෙන් මියැදිලා.
තවත් 40 ක් විතර ඉන්නවා වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින්.
ගම්මු වැඩිපුර බිව්වේ වතුර නෙවේ කඳුළු.
මේ කතාව ගම් මැද්දෙන් රටට කිව්වම HNB club ඉදිරිපත් වුණා.
මේ ගම් පහේ පවුල් වෙනුවෙන් පිරිපහදු ජල ව්‍යාපෘතියක් ලබා දෙන්න .
ඒ සඳහා තාක්ෂණික සහාය දෙන්නේ නාවික හමුදාව.
ගමට සතුට මුණ ගස්සන ගම්මැද්ද පිරිපහදු ජල ව්‍යාපෘතිය සදහා අද මුල්ගල තැබුවා.