රාජ්‍ය ආයතන 19ක් රු. බිලියන 82.78ක පාඩු ලබයි

ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 19ක් වසරේ මුල් මාස 4 ඇතුළත රුපියල් බිලියන 82.78ක පාඩු ලබයි - මුදල් අමාත්‍යාංශය

by Staff writer 03-07-2021 | 8:47 PM

COLOMBO (News 1st) - රජය සතු ආයතන 19ක් මේ අවුරුද්දේ මුල් මාස 4 ඇතුළත රුපියල් බිලියන 82.78ක පාඩු ලබන බව මුදල් අමාත්‍යාංශ වාර්තාවකින් අණාවරණය වී තිබේ.

අමාත්‍යාංශ වාර්තාවට අනුව අදාළ ආයතන අතර වැඩිම අලාභය සිදුව ඇත්තේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. එය දැක්වෙන්නේ රුපියල් බිලියන 45.3ක් ලෙසය. එලෙස අලාභ ලැබූ ආයතන අතර රුපියල් බිලියන 24.8ක අලාභයක් ලැබූ ශ්‍රී ලංකා ගුවන් සේවය ද අයත් වේ. මේ අතර මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවේ විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය ද මෙන්ම තවත් රාජ්‍ය ආයතන 14ක් ඇතුළත් වේ.