by Staff writer 02-07-2021 | 9:44 PM
COLOMBO (News 1st) - හෙද ඉල්ලීම් 05කට ජනපතිගෙන් විසඳුම් ලැබුණු බැවින් දීප ව්‍යාප්ත හෙද වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප්‍රකාශ කරයි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(02) පස්වරුවේ සාකච්ඡාවක නිරතවිය.
රුපියල් විසි දහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබා දීම, දැනට පැය 37ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින 05කට යටත්ව පැය 30ක කාලයක් ලෙස සැලකීම, අත්හිටුවා ඇති තුන්වැනි ශ්‍රේණියෙන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීම වසර 05ක් ලෙසත් දෙවැනි ශ්‍රේණියෙන් පළවැනි ශ්‍රේණියට උසස් කිරීම වසර හතෙන් සිදු කිරීමටත් පසුගිය රජයෙන් අත්හිටවූ මාණ්ඩලික තත්ත්වය නැවත ලබා දීමටත්, හෙද සරසවියක් ආරම්භ කිරීමටත් මෙම සාකච්ඡාවේදී එකඟ වී තිබේ.
මීට අමතරව එකඟතාව පළවූ අනෙක් යෝජනාව වන්නේ රුපියල් දස දහසේ දීමනාව සහ මූලික වැටුපෙන් සියයට එකක අමතර දීමනාව ලබන අයවැයෙන් ලබාදීමටයි.