විදේශිකයින්ට අරමුදල් සියරට යැවීම සීමා කෙරේ

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන්ට ඩොලර් පිටරට යැවීම සීමා කිරීමට ගැසට්ටුවක්

by Staff writer 02-07-2021 | 9:04 AM

COLOMBO (News 1st) :  ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්‍රමණ දිමනාව යටතේ අරමුදල් සිය රටට යැවිම සිමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍යවරයා ලෙස විදේශ විනිමය පනත යටතේ පැවැරි ඇති බලතල අනුවයි. මෙම නියමයන් අද සිට ඉදිරි මාස 6 ක කලය සඳහා බලපවත්වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ. ඒ අනුව පවු‍ලේ සාමාජිකයකුගෙන් මුලක් ත්‍යාග ලෙස විගාමිකයෙකු ලද අරමුදල්වලින් සංක්‍රමණික දිමනාව යටතේ අරමුදල් ආපසු සිය රටට යැවිම ,සිමා කිරිම ඇතුළු කරුණු 9ක් මෙම ගැසට් නිවේදනයේ ඇතුළත් ය. අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින්...