COLOMBO (News 1st) - මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 37ක් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 12 දෙනා කාන්තාවන් වේ.
මිය ගිය පිරිස අතර අවුරුදු 30 ට අඩු එක් ආසාදිතයෙකු සිටී.
අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 08 දෙනෙකු සිටින අතර ඉතිරි 28 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.
