ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම කෙසේද ?

by Staff writer 02-07-2021 | 9:39 PM

COLOMBO (News 1st) - ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය බලපැම කෙසේද යන්න පිළිබඳව අද(03) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය,
දිගටම කියනවා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ ඩෙල්ටා ප්‍රභේදය හැම තැනම පැතිරිලා තියෙන්නේ කියලා. ඒ ගැන මොකද කියන්නේ ?
පිළිතුර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා,
ප්‍රභේදය පැතිරිලා තියෙන්නේ කියන එකට කොහොම ද කියලා මම හිතන්නේ නෑ එහෙම ප්‍රකාශයක් කිරීමට තරම් සාක්ෂි තියෙනවා කියලා.පැතිරිලා තියෙන්න ඉඩ තියෙනවා කියන එකට නම් මම එකඟ වෙනවා.
ප්‍රශ්නය,
මේ වෙනකොට ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු කී දෙනෙක් හොයාගෙන තියෙනවද ?
පිළිතුර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා,
දැනට ස්ථිරවම තහවුරු කරලා තියෙන්නෙ පස්දෙනයි ඒ සංඛ්‍යාව ඊට පස්සේ වෙනස් වෙලා නෑ අපි දන්නවා මේ වෙනකොට ඒ ප්‍රභේදය රටේ තියනවා කියලා. ඒ නිසා ගත හැකි සියලු පාලන ක්‍රියාමාර්ග උපරිමයෙන් කරගෙන යනවා.
ප්‍රශ්නය,
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලීමක් කරා නේද නැවත වරක් සංචරණ සීමා පුළුල් කරන්න සංචාර සීමා වැඩි කරන්න කියලා. ඩෙල්ටා ප්‍රභේදයෙන් පැතිරීමක් විශාල වශයෙන් රට තුළ පැතිරෙනවා කියලා?
පිළිතුර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා,
මේ සම්බන්ධයෙන් අපි ගත යුතු සියලුම ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නවා මේකට නැවත බැරිවෙනව ම කොතනද පැතිරිලා තියෙන්නෙ කවුද ඒ ප්‍රභේදය ආසාදිතයා අය කියන එක හොයන එක ප්‍රායෝගික නෑ අපි සියලු දෙනා එකතුවෙලා මේකට පැතිරීම වළක්වන්න අවශ්‍ය කටයුතු කිරීමයි වැදගත් වන්නේ.
මේ අතර ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට ද ලබන සතියේ සිට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා,
අපේ රටේ තිබෙනවා 3000 කට ආසන්න පාසැල් සංඛ්‍යාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නෙ 100 කට අඩුවෙන්. එම නිසා මේ පාසැල් ප්‍රථම පියවරක් හැටියට විවෘත කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් කාලෝචිතයි කියන තීරණයට අපි එළඹුණා ඊයේ අතිගරු ජනාධිපතිතුමා සමග පැවැත් වූ සාකච්ඡාවේදී. සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව මේ මාසේ, ජූලි මාසය තුළ ඒ පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය උත්සාහ කරනවා. හැබැයි එසේ කිරීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි ගුරුවරුන්ට එන්නත් ලබාදීම. අපේ රටේ සිටිනව ගුරුවරුන් දෙලක්ෂ හතලිස් දෙදාහක්. ඊයේ අතිගරු ජනාධිපතිතුමා අනුමත කළා ගුරුවරුන්ට එන සතියෙම මේ එන්නත් ලබාදෙන්නයි කියල.