තිරිඟු පිටි ගබඩාවකට සීල්

අලෙවිය ප්‍රතික්ෂේප කරමින් තොග සඟවා තැබූ තිරිඟු පිටි සමාගමක නියෝජිත ආයතනයක් සතු ගබඩාවකට සීල්

by Staff writer 02-07-2021 | 5:55 PM

COLOMBO (News 1st) - අලෙවි කිරීම ප්‍රතික්ෂේප කරමින් තොග සඟවා තැබූ මෙරට ප්‍රධාන පෙළේ තිරිඟු පිටි සමාගමක නියෝජිත ආයතනයකට අයත් ගබඩාවක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වටලනු ලැබ තිබේ.

ඒ, කඩවත රන්මුතුගල ප්‍රදේශයේදීය. පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා සඳහන් කළේ, එහි තිබී තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1,050 ක් සොයාගත් බවය. ගබඩාවට මුද්‍රා තබා එහි කළමනාකාරවරයා ඇපකරයක් මත මුදා හැර ඇති අතර ඔහුට එරෙහිව නඩු පවරන බව ද පරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය.