COLOMBO (News 1st) : රත්නපුර, ගම්පහ , කොළඹ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 5 ක් අද උදෑසන 6.00 සිට හුදෙකලා කර තිබේ.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රිකක්යේ නුගේගොඩ පොලිස් වසමේ 514 C - ඔබේසේකරපුර ප්‍රදේශය හුදෙකලා කළ බවයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැදල උතුර ග්‍රාම නිලධාරි වසමේ ඕලන්ද ග්‍රාමය හා රබර්වත්ත ග්‍රාමය ද හුදෙකලා කළ ප්‍රදේශ අතරට අයත් වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් වසමේ මාටුවාගල වත්තේ උතුරු කොටස ද හුදෙකලා කෙරිණ.
නුවරඑළිය දිස්ත්‍රික්යේ බගවන්තලාව පොලිස් වසමේ කොටියාගලවත්ත පහළ කොටස ද හුදෙකලා කළ ප්‍රදේශ අතරට අයත් ය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම සහ මීගවත්ත පොලිස් වසම්වල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කකයේ මහවෙල පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 6.00 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරිණ.
