බැංකු පද්ධතිය අවදානමක - Fitch Ratings

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය අවදානමකට ලක්ව ඇතැයි, Fitch Ratings අනතුරු අඟවයි

by Staff writer 01-07-2021 | 12:54 PM

COLOMBO (News 1st) :  විදේශ විනිමයමගින් රජය විශාල වශයෙන් නිකුත්කර ඇති සුරැකුම්පත් ප්‍රමාණය සහ ප්‍රාග්ධනය දුර්වලවීම නිසා ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය අවදානමකට ලක්ව ඇතැයි Fitch Ratings ආයතනය අනතුරු අඟවයි.

ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දෙන්නේ දේශීය බැංකු රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම් හරහා විදේශ විනිමය වෙළෙඳපොළට සෘජුවම විවෘතවී ඇති බවයි. 2020 අවසානය වනවිට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සතුව පැවති වත්කම්වලින් තුනෙන් එකක් රජයට විවෘත වී ඇති බවයි.