මාරවිල ගැටුමේ සැකකරුවන් 4 ක් සොයා විමර්ශන

මාරවිල ගැටුමේ තවත් සැකකරුවන් සිව්දෙනෙක් සොයා පොලීසියෙන් විමර්ශන

by Staff writer 01-07-2021 | 10:26 PM

COLOMBO (News 1st) - මාරවිල, මාවිල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙක් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5 දෙනෙක් ඊයේ(30) ඇප මත මුදාහැරිණි. මාරවිල, මාවිල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවුණේ පසුගිය 28 වැනි දායි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයින් 05 දෙනෙක් ඊයේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 5000 ක මුදල් ඇප හා රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැරිණි. අත්අඩංගුවට පත් වූ පිරිස අතර කාන්තාවන් දෙනෙක් ද වේ. අදාළ පුද්ගලයින් සෑම සෙනසුරාදා දිනකම මාරවිල පොලීසියට පෙනී සිටිය යුතු අතර නඩුව ලබන ජනවාරි 27 වැනි දා දක්වා කල් තැබුණි.