නාලක ගොඩහේවා ඉල්ලා අස්විය යුතුයි-ඕමල්පේ සෝභිත හිමි

ජනතාව සහ පර්යේෂණ නොමග යවන, රටට හතුරුකමක් කළ එක්ස්ප්‍රස් පර්ල් නැවට පක්ෂව කතා කරන නාලක ගොඩහේවා වැනි අයට දඬුවම් දිය යුතුයි - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

by Staff writer 01-07-2021 | 7:54 PM

COLOMBO (News 1st): මුහුදු ජීවීන්ගේ මරණවලට හේතුව පිළිබඳව ජනතාවට අසත්‍ය ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අද අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා ඔය මුහුදු ජීවීන් මිය යාම සිදුවන්නේ වාරකන් කාලයට සිදුවන ස්වාභාවික සිද්ධියක් නිසාය කියලා. රාජ්‍ය ඇමතිවරයාගේ පක්ෂග්‍රාහී අදහස් ප්‍රතික්ෂේප කරමින් මෙන්න 39දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා මුහුදු ජීවීන්ට අත්වුණු ඇත්ත ඉරණම කියන්න. මේ සියලුම සතුන්ගේ මරණ සිදු වන්නට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නිකුත් වුණු විෂ සහිත රසායනික බව. ඒ අතර වාරයේ ජනතාව නොමග යවන, පර්යේෂණ නොමග යවන, රටට හතුරුකමක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට පක්ෂග්‍රාහීව කතා කරන නාලක ගොඩහේවා වැනි අයට දඬුවම් දිය යුතුයි. ඔවුන් තමන්ගේ වගකීම පැහැර හැරලා තියෙනවා. සත්‍ය වශයෙන්ම මහත්වරුන් හැටියට එවන් අය තමන්ගේ වගකීම් වලින් ඉල්ලා අස්විය යුතුයි.  
https://youtu.be/ZNF-8pNas7s