ඊශ්‍රායල ගුවන් සමාගමක් සමග ගිවිසුමක්

ගුවන් හමුදාවේ කෆීර් යානා යාවත්කාලීන කිරීමට ඊශ්‍රායල ගුවන් සමාගමක් සමග ඩොලර් මි. 50 ක එකඟතාවක්

by Staff writer 01-07-2021 | 9:12 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක ගුවන් යානා යාවත්කාලීන කිරීමට ඊශ්‍රායල ගුවන් සමාගමක් සමග ඩොලර් මිලියන 50 ක එකඟතාවයකට ආරක්ෂක අමාත්‍යාංශය අත්සන් කර තිබේ.

මෙම එකඟතාවයට අනුව එම ගුවන් යානාවල පද්ධති යාවත්කාලීන කරන අතර ඒවාට අලුත් රේඩාර්, සන්නිවේදන පද්ධති සහ ආවරණ අලුතින් ලබාදීමට නියමිතය. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්ට මෙම යාවත්කාලීන කිරීම සම්බන්ධ විශේෂඥ දැනුම ලබා දීම ද එම ගිවිසුමේ එක් අංගයකි. https://youtu.be/c3yXvjPQA_4