ඉන්දියන් සාගරයේ දකුණුදිග ප්‍රදේශයේ භූ චලනයක්

ඉන්දියන් සාගරයේ දකුණුදිග ප්‍රදේශයේ භූ චලනයක්: ලංකාවට බලපෑමක් නැහැ - භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය

by Staff writer 01-07-2021 | 10:17 PM

COLOMBO (News 1st): ඉන්දියන් සාගරයේ දකුණුදිග ප්‍රදේශය ආශ්‍රිතව මැග්නිටියුඩ් 5.2 ක භූ චලනයක් සිදුව තිබේ.

අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව භූචලනය සිදුව ඇත්තේ, දකුණු දිග ඉන්දීය සාගරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරිනි. භූචලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නැතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ප්‍රකාශ කළේය.