වනජීවී නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට

වනජීවී නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට

වනජීවී නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට

කර්තෘ Staff writer

01 Jul, 2021 | 9:50 am

COLOMBO (News 1st) :  වනජීවී නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අත්අඩංගුවට ගත් යුද හමුදා මේජර් ජෙනරාල්වරයා මේ වනවිට කැකිරාව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් මෙන්ම මේජර් ජෙනරාල්වරයා විසින් ද හබරණ පොලීසියට පැමිණිලි කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර මින්නේරිය ජාතික වනෝද්‍යානයට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් මතුවූ තත්ත්වය වාර්තාවීමත් සමග යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ පිළිබඳ සෙවීමට ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකු යටතේ කමිටුවක් පත් කළේ ය.

වනජීවී නිලධාරීන්ට පහර දුන් බවට සැක යුද හමුදා මේජර් ඇතුළු පිරිස වහා අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]