by Staff writer 30-06-2021 | 10:14 PM
COLOMBO (News 1st): තිරිඟු පිටි සමාගමක් රුපියල් 18 කින් පිටි කිලෝග්රෑමයක මිල ඉහළ නැංවීමත් සමග බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ රජය මේ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් නොකළහොත් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට සිදුවන බවය.
https://youtu.be/dsANPU5AWUw