English
தமிழ்
කර්තෘ Staff writer
30 Jun, 2021 | 10:43 pm
ශානි අබේසේකර මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වන්නේ 1986 පෙබරවාරි මස 10 වැනිදායි.
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව නිම කරන ඒ මහතා දිවයිනේ විවිධ ස්ථාන රැසක සේවය කිරීමෙන් අනතුරුව 2013 අගෝස්තු 25 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත්, 2017 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කෙරිණි.
මෙරට ප්‍රබලතම අපරාධ රැසක විමර්ශන සිදු කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබුවේ ද ශානි අබේසේකර මහතායි.
උඩතලවින්න ඝාතනය, රෝයල් පාක් ඝාතනය, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය, රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න පෙර්රා ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, රතුපස්වල ඝාතන සිදුවීම, හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය වැනි අපරාධ පිළිබඳ සිදු කළ පරීක්ෂණ අතර වේ.
වසර 35ක කාලයක් මෙරට පොලිස් සේවාවේ විශිෂ්ට සේවාවක් කළ නිලධාරියෙකු ලෙස ඒ මහතා අද විශ්‍රාම දිවියට එළැඹෙන්නේ සිය 60 වන උපන්දිනය දා වීම ද විශේෂත්වයකි.
14 Jun, 2021 | 11:25 PM
17 Mar, 2021 | 03:02 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS