වැව් හාරන චීන ජාතිකයින්ගේ ඇඳුම ගැන CID ය හා යුද හමුදාවෙන් පරීක්ෂණයක් - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

by Staff writer 29-06-2021 | 11:02 PM

COLOMBO (News 1st) - තිස්සමහාරාම වැව හෑරීමේ ව්‍යාපෘතියේ නිරත චීන ජාතිකයින් ඇඳ සිටි හමුදා කැලෑ නිල ඇඳුමට සමාන ඇඳුම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හා යුද හමුදාව පරීක්ෂණයක් සිදු කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ, එවැනි ඇඳුමක් ඇඳ සිටිය හැකි බව ඔවුන් දැනුම් දී ඇති බවයි.
මාධ්‍යවේදී ප්‍රශ්නය, මා දැනගන්න කැමතියි පසුගිය දවස්වල මේ පුරාවිද්‍යා පනත උල්ලංඝණය කරමින් හම්බන්තොට තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණා.නමුත් මේ සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමක් හෝ තාම සිද්ධ වෙලා නෑ. ඒත් එක්කම ඒ ස්ථානයේ දී චීන හමුදා කැලෑ හමුදාවට සමාන ඇඳුමක් ඇඳගත්තු පිරිසක් සැරිසැරුවා. අපේ ආරක්ෂක අමාත්‍යාංශයවත් තවමත් නිශ්චිත ප්‍රකාශ කිරීමක් සිද්ධ කරලා නෑ මේ පුද්ගලයො කවුද කියලා. ඉතින් මේ වගේ ඇඳුමක් ඇඳගෙන ඕනම පුද්ගලයෙක්ට සැරිසරන්න පුළුවන්ද? ජාතික ආරක්ෂාව පිළිබඳ ලොකුවට කතා කළාට මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහොම නිහඬ හා නිවට පිළිවෙතක් අනුගමනය කරන බවක් තමයි පෙන්නුම් කරන්නේ?
පිළිතුර, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
නිවට සහ නිහඬ කියන වචනය මං හිතන්නේ සුදුසු දෙයක් නෙමේ.මොකද එහෙම නිවටකමකුත් ඔබතුමාට දකිනවා වෙන්න පුළුවන්. නමුත් සාමාජේ විශේෂයෙන්ම පුරාවිද්‍යා පනත ඔබතුමා කියන විදිහට ම උල්ලංඝණය වෙලා නම්, රටක නීති පද්ධතියක් තියනවා. පළවෙනි දේ. මේ රටේ විවිධ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ කිඹුහුමක් ගියත් උසාවි යන තත්ත්වයක් තියෙන්නෙ.ගිහින් ඒ අවස්ථාව තියනවා.ඒ එක.දෙවනි කරුණ.මේ වෙනුවෙන් සම්පූර්ණ පරීක්ෂණයක් හමුදාව විසින් කරලා තියනවා.ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනුත් මේ සම්බන්ධව පරීක්ෂණයක් කරලා තියනවා.ඒ නිසා ඒ පරීක්ෂණ දෙකෙන්ම එහෙම ඒ කියන්නේ දැන් උදාහරණෙකට ගත්තොත් සිකියුරටි කම්පැනිස්වලත් තියනවා යුනිෆෝම්ස් ඇඳන් කට්ටිය වැඩ කරනවා. වැඩ බිම්වල එහෙම ඉන්නවා. ඒ කාලේ සම්පූර්ණෙන්ම පෙළක් වෙලාවට නාවික හමුදාවේ සමාන්තර ඇඳුමක් තමයි, ඒ කට්ටියගේ සිකියුරිටි එකේ දීලා තිබ්බේ.ඉතින් මේක මේ අර්ථකතනයන් හා මේ කඩාවැටී තිබෙන කණ්ඩායම්වලට යම්කිසි විදිහේ මොකක් හරි හොයාගන්න උත්සහ කරනවා ඔවුන්ගේ ආයතනය අඳින ඇඳුමක් කියලා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
එතකොට ඇමතිතුමා අපේ දේශීය පුද්ගලයන්ටත් පුළුවන්ද මේ විදිහේ ඇඳුම් ඇඳගෙන රාජකාරි කරන්න?
පිළිතුර, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
ලියාපදිංචි ආයතනයක් නම් සිකියුරටි ආයතනයක් නම් ඒ සිකියුරටි ආයතනයේ දීලා තියනවා ලැයිස්තුවක් දීලා තියනවා ඇඳුම් තිබිය යුත්තේ කෙසේ ද කියලා.එතනින් වෙනස් වෙනවා නම් ඒක ඉදිරිපත් කරන්නට වෙනවා.ඉදිරිපත් කරාම ඒකට අනුමැතියක් දුන්නා නම් ක්‍රියාත්මක කරන්න පුළුවන්
මාධ්‍යවේදී ප්‍රශ්නය,
මේ වගේ කැළෑ ඇඳුමක් අඳින්න පුළුවන් කියලද ඔබතුමා කියන්නේ මේ වගේ පාරේ ඇඳගෙන යන්න පුළුවන් කියල ද?
ප්‍රශ්නය, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
දැන් ඔබතුමා දැක්කද ඒ ඇඳුම?
මාධ්‍යවේදී පිළිතුර,
ඔව් මම දැක්කා
පිළිතුර, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
ආ රයිට් ඒක හොඳයි.ඒ ඇඳුම වගේ එකක් අඳින්න පුළුවන් කියලා සී.අයි.ඩී. එකත් ඒ වගේ ම යුධ හමුදා බුද්ධි අංශයත් දන්වලා තියනවා පැහැදිලිව. මාධ්‍යවේදී ප්‍රශ්නය, අවසන් වශයෙන් මේ පුද්ගලයෝ චීන යුද හමුදාවට සම්බන්ධ පුද්ගලයන්ද කියලා දැනගන්න කැමතියි?
පිළිතුර, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
අපි දන්න තරමට යුද හමුදා කට්ටිය නෙමේ.,ඒක සාමාන්‍ය කට්ටලයක්.ඕවරෝල් කිට් එකක් කියන එක.පෙලක් වෙලාවට මං දැකලා තියනවා ගරාජස්වලත් ඕවරෝල් කිට්ස් තියනවා ඔය වගේ ඒවා.ඔබතුමාලා ගිහින් බලන්න ඔය හොද ගරාජස්වලත් එහෙම ඒවා තියනවා.ඉතින් ඒවටත් බලන්න ඔය කැලෑ කිට් එකද මොකක්ද කියල බලන්නකො.මං කියන්නම් ඕනනම් ගරාජස් කිහිපයක් ම ලංකාවේ තියනවා.