තිස්ස වැවේ චීන ජාතිකයින්ගේ ඇඳුම හමුදාවට අයත් නැහැ

තිස්ස වැව ව්‍යාපෘතියේ චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය

by Chathuranga Rajapaksha 29-06-2021 | 10:36 PM

COLOMBO (News 1st): තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ චීන ජාතිකයින් මහජන චීන හමුදාවට අයත් නොවන අය බව කොළඹ චීන තානාපති කාර්යාලය ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාට සනාථ කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පැසුවේ, ඉදිරියේදී එවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසට ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුම් දෙනු ලැබූ බවය.