COLOMBO (News 1st) - තවත් කොවිඩ් මර්දන එන්නත් හතලිස් දෙලක්ෂ පනස් දහසක් ලබන මාසය තුළ දිවයිනට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
ඒ යටතේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් ලබන සතියේ මෙරටට ලැබීමට නියමිතය.
ෆයිසර් එන්නත් ලක්ෂ දෙකක් ලබන මාසය තුළ කොටස් වශයෙන් ලැබීමට නියමිත අතර ජුලි මස 08 වැනි දා ස්පුට්නික් එන්නත් මාත්‍රා පනස් දහසක් ද මෙරටට ළඟාවනු ඇති.
?ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාවට මොකද වෙන්නේ ?
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
ඒකමතිකව තීරණය කරලා තියනවා මේ කොවිෂිල්ඩ් එන්නත් ලබා දුන්න අයට දෙවන මාත්‍රාව මොඩර්නා හෝ ෆයිසර් එන්නත් ලබා දීමේ ගැටලුවක් නෑ කියන එක නිර්දේශ කරලා තියනවා දැන් මේ නිර්දේශ අනුව පැහැදිලි උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් ඉදිරියේදී ඒ ඒ ආයතවලට ලබාදිය යුතුයි
චීනයේ සයිනොවැක් එන්නත මෙරට නිපදවීමේ ගිවිසුම් කොන්දේසි ගැන සංවාදය තවදුරටත් පවතී.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
සිනොවැක් එන්නත පිළිබඳව මේ චීන පුද්ගලික සමාගමක් තමයි මේ එන්නත ලංකාවට එවන්නේ.ලංකාව ඒක මිලදී ගන්නට ඕනා.ලංකාවේ පෞද්ගලික සමාගමක් හරහා තමයි මිලදී ගැනීම සිදුකරන්නේ.ඒකේ කොන්දේසි කිහිපයක් තියෙනවා.එකක් තමයි ලංකාවේ මේ පුද්ගලික සමාගම රජයට හෝ රජයට සම්බන්ධ සමාගමක් වන්නට ඕනේ.130 න් ලක්ෂ 30 ක් අත්තිකාරම් ගෙවලා ගන්නට ඕනේ ඉතුරු ලක්ෂ 100 යට එල්.සී. ඕපන් කරන්න ඕනේ.4 වැනි කොන්දේසිය තමයි මේ එන්නතක මිල පිළිබඳව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රසිද්ධියේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා,
සිනෝවැක් සහ සයිනෝෆාර්ම් වැඩි වශයෙන් ලංකාවට ලැබෙන්නේ වැය වෙන මුදල් ප්‍රමාණය ඒ පිළිබඳ දත්ත ලබා නොදන බව වාර්තාවන් අපිට දකින්න ලැබෙනවා අපේ සෞඛ්‍ය අමාත්‍යංශයටත් ඖෂධ නීතිගත සංස්ථාවෙනුත් ඉල්ලා සිටිනවා මේ ප්‍රසම්පාදන ක්‍රමවේද උල්ලංඝණයකින් තොරව පාරදුෂ්‍යභාවයෙන් යුතුව ක්‍රියාත්මක කරලා එන්නත් ගෙන්වා ගැනීමේ කටයුත්ත සිද්ධ කරන්න කියන කාරණය අපි ඉල්ලා සිටිනවා.
කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,
නෑ එහෙම ඒක හංගන්න දෙයක් නෑනේ සමහරවිට විවිධ රටවල් එක්ක තියන ගිවිසුම් අනුව සමහරවිට ගණන්වල වෙනස්වීමත් වෙනවා ඇති තියන සම්බන්ධතා මත මං හිතන්නේ නෑ ඒවා හංගන්න අවශයයි කියලා.මොකද විනිවිධබාවයකින් යුතුව තමයි රජයක් හැටියට මේ විය පැහැදම් කරන්නෙ.