COLOMBO (News 1st) - සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික ආරක්ෂාව පිළිබඳව ද අදහස් පළ කළේ ය.
? ජාතික ආරක්ෂාව කියන්නේ මොකක් ද?
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,
ජාතික ආරක්ෂාව කිව්වාම අපි දකිනවා ඉස්සෙල්ලාම මේ රටේ මාතෘ භූමියේ ආරක්ෂාව අපිට වැදගත් අපට තියෙන විශාල සම්පත සයුර සාගරය ඒකේ ආරක්ෂාව වැදගත් මේ රටේ ජීවත්වන ආදරණීය ජනතාවගේ ආරක්ෂාව.
? පාස්කු ඉරිදා ප්‍රහාරය ?
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා ගන්නවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. එතනින් තමයි මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ආරම්භ කළ යුතුව තිබුණේ. නමුත් අපි දකිනවා දැනටත් අපේ ආණ්ඩුව කාලේ අල්ලපු කීප දෙනෙක් අල්ලාගෙන ඒ ගොල්ලොන්ට නඩු දාලා, ඒ ගොල්ලෝ අතරින් එක්කෙනෙකුට දෙන්නෙකුට ලේබල් ගහලා මහ මොළකරුවෝ කියලා. ආණ්ඩුව මෙකෙන් ගොඩවෙන්න හදනවා.නමුත් ඒ ක්‍රියාදාමය අනිවාර්යෙන්ම හරියට සිද්ද වෙලා නෑ.
? ආරක්ෂක ප්‍රතිසංවිධානය සහ ජනතාවගේ ආරක්ෂාව ?
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,
බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කළා කිව්වා.ඒවා ශක්තිමත් කරා කියලා ඒක අමූලික බොරුවක් එක්කෙනෙක් දෙන්නෙක් හිතවත් අය තනතුරුවලට දාගත්තා කියලා බුද්ධි අංශවත් හමුදාවවත් ශක්තිමත් වෙන්නේ නෑ.කුඩා රටක් අපිට තියෙන්නේ මේ රට අතීතයේ ඉදන් අවුරුදු දෙදාහක් අපි පන වගේ ආරක්ෂා කර ගත්තා.අපේ භූමිය නමුත් මේ රජය ජීවිත පූජාවෙන් ආරක්ෂා කර ගත්ත භූමීය කෑලිවලට කඩමින් විදේශයන්ට විකුණමින් කොමිස් ගසමින් කාලය ගතකරනවා අපිට පේනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් සයුර අපි දැක්කා පහුගිය දවස්වල කෙටි කාලයක් ඇතුළත නැව් දෙකක් මේ ප්‍රදේශයේ ගිනිගත්තා. ඒවා සැලසුම් කරලා කෙරෙන වැඩ අපගේ ඒ අංශයට සම්බන්ධිත ඒ අංශයේ වගකීම් දරන පුද්ගලයින්ගේ අනුදැනුම ඇතුව සැලසුම් සහගතව මේවා කෙරෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ ගොල්ලෝ කියන කරන දෙවල් අනුව ජනතාවගේ ජීවිතයට ආරක්ෂාව තියෙන්න ඕනේ. ජීවන මාර්ගයට ආරක්ෂාව තියෙන්න ඕනේ එතකොට රජය වන්දි ගැන කතා කළා. ඒ වන්දි ගැන කතාකලාට ඒ වන්දි කොහොමද ජනතාවට තේරිලා බේරිලා පෙරිලා යන්නේ කියලා රජය කතා කරන්නේ නෑ,අනිත් පැත්තෙන් ජනතාවගේ ජීවිතවලට තියෙන පරිසරයේ තියෙන ආරක්ෂාව අපිට සතුටට පත්වෙන්න පුළුවන්ද? රිදීමාලියද්ද ඒකේ අහිංසක ජනතාව ගමේ උද්ඝෝෂණයක් කරනවා ගමට ඒන පාර හරියට අලුත්වැඩියා කරලා නෑ කියලා. එතකොට ඒකේ අවසානය වෙන්නේ මොකක්ද ප්‍රදේශයේ ඉන්න දේශපාලන බලධාරීයා ප්‍රාදේශීය සභාවේ සභාපති ඇවිල්ලා මැරයොත් එක්ක ඇවිල්ලා ජනතාවට පහර දෙනවා. එතකොට ජනතාවට ආරක්ෂාවක් නෑ ඊට පස්සේ පාතාලේ අපි ඉවර කළා කියලා කියනවා මේ ආණ්ඩුව නමුත් අපි දැක්කා දැන් දවස් තුන හතරකට ඉස්සෙල්ලා හංවැල්ලෙන් පැහැරගෙන ගියපු මිනිහෙක් අතපයට දම්වැල් දාලා කැලණි ගඟට දාලා වෙඩි තියලා කැලණි ඟග ප්‍රදේශයෙන් ගොඩගත්තා එතකොට පාතාලය මර්දනය කරලා තියෙනවාද?
? අනාගත පියවර ?
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,
දැන් රහස් පොලීසියත් පාතාලයක් වෙලා. ඒ නිලධාරීන්ට අපි මතක් කරලා දෙන්න ඕනේ හිතන් ඉන්න එපා හැමදාම ඔවා කරලා පම්පොරි ගහලා පුරසාරම් දොඩලා කැපී පෙන්න පුළුවන් කියලා අපිත් නැවත බලයට එනවා. එදාට ඔය රහස් පොලීසියේ කැතවැඩ කරන මිනිස්සුන්ට විරුද්ධව අපි ගන්න ඕනේ පියවර ගන්නවා. අසේල සම්පත් පැහැරගෙන ගියේ කොහොමද? ගෙදර ඉන්න මිනිහෙක් බිරිඳයි දූලා එක්ක ගෙදර ඉන්නවා. ගිහිල්ලා හරියට ප්‍රභාකරන් අල්ලන් එනවා වගේ 20 ක් විතර රෑ ගෙදරට පැණලා ඒ මිනිහාගේ ඇගේ ෂර්ට් එකක්වත් නැතුව පහර දිදි ඇදගෙන එනවා. ඉතාම අසික්කිතයි ඉතාම අෂිෂ්ඨයි. මේවාගේ ඒවා කරන නිලධාරීන්ට අනිවාර්යෙන්ම අපි අනාගතයේදී අවශ්‍ය පියවර ගන්නවා. අපේ මාතෘභූමිය කොල්කන්න බලාගෙන ඉන්න විදේශිකයන්ට වේවා. මේ රටේ ව්‍යාපාරිකයන්ට වේවා. මාතෘ භූමිය කොල්ලකෑවොත් අපි ඒ ගොල්ලන්ට විරුද්දව ගන්න ඕනේ පියවර අනිවාර්යෙන් අනාගතයේදී ගන්නවා. ඔය කොල්ලකන දේපොළ අපි නැවතත් රජයට ලබාගන්නවා.
එල්.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීමේ යෝජනාව පිළිබඳවත් මෙහිදී අදහස් පළ විය.
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,
මම හිතනවා තරුණ වියේ වැරදි කරපු ඒ ගොල්ලෝ දැන් විවාහ වෙලා දරුවෝ ඉන්න ඕන වයසේ ඉන්නේ ඒක හින්දා මං හිතනවා ඒ ගොල්ලොන්ට රටේ ජීවත් වෙන්න පුරවැසියෝ හැටියට අපිට හැමදාම වෛරයෙන් ජීවත් වෙන්න අවශ්‍යත් නෑ ඒ ගොල්ලොන්ට නිදහස දෙන එක හොඳයි. පුනුරුත්තාපනය කරන්න පුළුවන් අය ඉන්නවා නම් පුනුරුත්තාපනය කරන්න පුළුවන් වර්ෂයක් වැනි කෙටි කාලයක් උපරීම මම කියනවා ඒක ආරම්භ කරන්න කියලා ද්‍රවිඩ ත්‍රස්තාවාදීන් එළියට දැමීම අර මට බෝම්බේ ගහන්න ඒ බෝම්බකාරිය අරගෙන යුධ හමුදා මුලස්ථානයට ආපු මොරිස්ගෙන් පටන් ගන්න කියලා මම මතක් කරලා දෙනවා. එයාගෙන් ආරම්භ කළොත් මම යන්නම් එයාව පිළිගන්න වැලිකඩට ගිහිල්ලා පිළිරගෙන ආනන්ද භවන් එකට එක්කගෙන ගිහිල්ලා තොසේ දෙකකුත් අරන් දීලා මං අරින්නම් රජය ක්‍රියාත්මක වන අකාරයට නම් එක පාරට අහසින් කඩන් වැටුණා වගේ හිරකරුවෝ නිදහස් කරන්න අනුකම්පාවක් පාත්වුණේ කොහොමද කියනකොට අපි දන්නවා ජී.එස්.පී. ප්ලස් බෙල්ල හිර කිරීමේ යෝජනා අනිත් පැත්තතෙන් එනකොට මේ පැත්තෙන් රජය තුවාය විසි කරා කියලා හිතනෙවා අපිට සුදු කොඩිය ඉස්සුවා කියලා. කොහොම වුණත් කුමන හරි හේතුවක් නිසාවත් මේක සිද්ධ වෙනවා නම් හොඳයි