COLOMBO (News 1st) - මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 41 ක් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 24 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් වේ.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් දෙදෙනෙක් වේ.
අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 6 දෙනෙකු සිටින අතර ඉතිරි 33 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.
