ඩෙල්ටා ප්‍රභේදයට අයත් තවත් ආසාදිතයෙක්..

ඩෙල්ටා ප්‍රභේදයට අයත් තවත් කොවිඩ් ආසාදිතයෙක්.. - කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී: මේ පිළිබඳ දැනුවත් නෑ - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 28-06-2021 | 10:01 PM

COLOMBO (News 1st) - පිළියන්දල, පොල්ගස්ඕවිට, ජයලියගම ප්‍රදේශයෙන් ඉන්දියාවේ පැතිර ගිය ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදියෙකු හඳුනාගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා අද(28) ප්‍රකාශ කළේය.

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා,
ඊයේ දිනයේ මෙම ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදයට අයත් රෝගියෙකු හඳුනා ගනු ලැබුණා හදිස්සියේම රාත්‍රි කාලයේ ඉන්න ආශ්‍රිතයින් සහ අසල්වාසීන්ගේ යම් සම්බන්ධාවන් සොයලා මෙහෙයුමක් දියත් කළා. පී.සි.ආර්. සීයකට වැඩි ප්‍රමාණයක් අහඹු ලෙස සිදු කෙරුණු ලැබුවා මෙම ස්ථානයේ. ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවගෙන් අපි ඊයේ රාත්‍රීයේ සිට ඉල්ලීමක් කළා කතාකරලා හැකිතාක් දුරට නිවසේ රැඳී සිටින්න.
නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, තමන් මේ පිළිබඳව දැනුවත් නොමැති බවය. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
රසායනාගාරය කෙලින්ම ජීන් සීක්වන්සින් කරපු එකක් එම්.ඕ.එච්ට දැනුම් දුන්නද කියන එක මං දන්නේ නැහැ. මේ දක්වා එහෙම දැනුවත් කිරීමක් කරලා නැහැ.
දෙමටගොඩ ප්‍රදේශයෙන් මීට පෙර ඩෙල්ටා ප්‍රභේදයේ ආසදිතයින් 05 දෙනෙකු වාර්තා වූ අතර ඊට පසුව මාදිවෙල ප්‍රදේශයෙන් එම ප්‍ර‍භේදය බවට සැක සහිත කාන්තාවක් ද හමුවිය.