ඇස්ට්‍රාසෙනකා පළමු මාත්‍රාව ගත් අයට පණිවුඩයක්..

ඇස්ට්‍රාසෙනකා පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සහ මෝඩර්නා එන්නත් ලබා දීමට අනුමැතිය

by Staff writer 28-06-2021 | 9:24 PM

COLOMBO (News 1st) - ඇස්ට්‍රාසෙනකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සහ මෝඩර්නා යන කොරෝනා එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුවේ (NACCD) අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.