by Sagarika Chathumali 28-06-2021 | 11:07 AM
COLOMBO (News 1st) : හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දිනකදී කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි
මාධ්‍ය ඒ්කකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අමාත්‍ය ධුරයක් හෝ කිසිදු තනතුරක් තමා වෙත ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා ඉල්ලීමක් කර නොමැති බවත් කිසිදු තනතුරක් ලබා ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බවත් ය.