තවත් දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක් LOCKDOWN

රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් LOCKDOWN ...

by Staff writer 28-06-2021 | 8:21 AM

COLOMBO (News 1st)  රත්නපුර සහ මොනරාගල  දිස්ත්‍රික්කවල  ග්‍රාම නිලධාරී වසම්  හා ප්‍රදේශ කිහිපයක් අද (28) උදෑසන 6 .00 සිට හුදෙකලා කළ බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් වසමේ නොරගල්ල , නොරගල්ල ඉහළ , යක්දෙහිවත්ත, පීන්කන්දවත්ත- 1, පාතකඩ , පීන්කන්දවත්ත -3 යන ප්‍රදේශ සහ මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ නක්කලවත්ත හා මිල්ලකැලේවත්ත අද (28) උදෑසන සිට හුදෙකලා කළ බවයි.