by Staff writer 27-06-2021 | 8:16 PM
COLOMBO (News 1st) - වහලවල් මත නැගී උද්ඝෝෂණය කරන සහ බන්ධනාගාර ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු කරන රැඳවියන්ට සමාව ලබාදීම සඳහා නිර්දේශ ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මේ අතර මරණීය දණ්ඩනය නියම වූ වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් තවදුරටත් ආහාර වර්ජනයේ නිරත වේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඊයේ(26) ආහාර වර්ජනය අත්හල වැලිකඩ බන්ධනාගාරයේ මරණ දණ්ඩනයට නියම වූ සිරකරුවන් පිරිස යළිත් වහලය මත නැග ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බවය.