දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසෙයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසෙයි

by Staff writer 27-06-2021 | 1:35 PM

COLOMBO (News 1st) - දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට(28) වසා තැබෙන බව වෙළෙඳ සංගමය පවසයි.

ඒ, වෙළෙඳුන්ට සහ එහි සේවයේ නිරත පිරිස් වෙත කොරෝනා මර්දන එන්නත් ලබාදීම හේතුවෙනි. ජුනි 29 වැනි දා අලුයම 4.00 සිට සුපුරුදු පරිදි යළි ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරෙන බව වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේ ය.