කුරුණෑගලදී සිරකරුවන් 4ක් පළා යයි

කුරුණෑගල අධිකරණ පරිශ්‍රයේ සිරමැදිරියෙන් සිරකරුවන් 04ක් පළා යයි

by Staff writer 27-06-2021 | 5:55 PM

COLOMBO (News 1st) - කුරුණෑගල අධිකරණ පරිශ්‍රයේ ඇති සිරමැදිරියෙන් සිරකරුවන් 04 දෙනෙකු පළාගොස් තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, අද(27) අලුයම ඔවුන් එම සිරමැදිරියෙන් පළාගොස් ඇති බවයි. පළාගොස් ඇති සිරකරුවන් 04 දෙනාගෙන් එක් අයෙකු අද කුරුණෑගල නගරයේදී අත්අඩංගුවට ගත් බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, එම සිරකරුවන්ගෙන් දෙදෙනෙකු සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය වන අතර අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය බවයි.