MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වයි

MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වයි

by Staff writer 26-06-2021 | 1:02 PM

COLOMBO (NEWS1ST) : කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක් වූ MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න නිවා දමා ඇත්තේ, නෞකා කාර්ය මණ්ඩලය විසිනි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ, මේ වනවිට නෞකාව සිය ගමනාන්තය වන සිංගප්පූරුව බලා යාත්‍රා කිරීම ආරම්භ කර ඇති බවයි. දකුණු මුහුදේ මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර මුහුදේ යාත්‍රා කරමින් සිටියදී නෞකාවේ ගින්න හටගෙන තිබිණ. ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන 1995 දී සේවයට එක්කළ MSC මෙසීනා නෞකාව දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේ සිට කොළඹ වරායට පැමිණ තිබුණේ, පසුගිය 22 වනදායි. අනතුරුව එය පසුගිය 23 වනදා කොළඹ වරායෙන් සිංගප්පූරුව බලා යාත්‍රා කර තිබිණ. එන්ජින් කාමරයක ගින්නක් හටගත් MSC මෙසීනා නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 28 දෙනාගෙන් එක් සාමාජිකයෙකු අතුරුදන් වී ඇතැයි, ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය ඊයේ (25) වාර්තා කර තිබිණ.