වැලිකඩ රැඳවියන්ගේ උද්ඝෝෂණය අවසන්

වැලිකඩ රැඳවියන්ගේ උද්ඝෝෂණය අවසන්

by Staff writer 26-06-2021 | 9:41 PM

COLOMBO (News 1st) - රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලය මත නැගී කළ උද්ඝෝෂණය අද(26) අවසන් විය.

මේ වනවිට වැලිකඩ හා මහර බන්ධනාගාරවල ආරක්ෂාව ද තර කර තිබේ. දැනට මරණීය දණ්ඩණය නියමව සිටින රැඳවියන් පිරිසක් ආහාර වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වූයේ මරණ දඬුවම සිට ජීවිතාන්තය දක්වා සිරඳඩුවමක් ලෙස ලිහිල් කරන්නැයි ඉල්ලමිනි. මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ දිනයට සමගාමීව අද වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. දෙමළ ජාතික සන්ධානයේ පා.ම, රාසමානික්කම් ෂානක්යන් මහතා,
ත්‍රස්තවාදි හදි පනත පී.ටී.ඒ. මේ පී.ටී.ඒ. කියන එක ලංකාවේ මර්දනය කරන්න. විශේෂයෙන්ම ද්‍රවිඩ ජාතිකයින් මර්දනය කරන්න තමයි අසු දෙකේ මාස 6 කට ගෙනාපු නීතියයක් මේ නීතිය දිගින් දිගටම එක්ට්‍රේන් කරලා කරලා තියාගෙන ඉන්නවා. පනත යටතේ අපි මේ කරණ වැඩපිළිවෙළ පවා ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන වැඩක් කියලා අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒක නිසා අපි ශ්‍රී ලාංකිකයින් පෙළ ගැහෙන්න ඕනේ මේ හදිසි ත්‍රස්තවාදි පනත වගේ දේවල් අහක් කරන්න.