විශාලතම ණය වාරිකය ජුලි 01 ගෙවීමට සූදානම්

මෑත කාලීන විශාලතම ණය වාරිකය වන ඩො. බිලියනයක මුදල ගෙවීමට සූදානම් - මුදල් අමාත්‍යාංශය

by Staff writer 26-06-2021 | 2:24 PM

COLOMBO (News 1st) - මෑත කාලීනව ගෙවීමට නියමිත විශාලතම ණය වාරිකය වන ඩොලර් බිලියනයක මුදල ජුලි 01 වැනි දා ගෙවීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයකට අදාළ ණය වාරිකයක් මෙලෙස ගෙවීමට නියමිත බවය. කිසිදු බාධාවකින් තොරව එම ණය වාරිකය ගෙවීමේ හැකියාව රජය සතුව පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.