මසක් තුළ කොවිඩ් වැළඳී එකම පවුලේ තිදෙනෙකු මරුට

මසක කාලයක් තුළ කොවිඩ් වැළඳී මහනුවර එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට

by Staff writer 26-06-2021 | 10:50 PM

COLOMBO (NEWS1ST) : කොරෝනා වෛරසය වැළඳීමෙන් මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

72 හැවිරිදි පියා පසුගිය 2 වැනිදා මිය ගියේ ශ්වසන අපහසුතා සමග කොරෝනා වෛරසය ආසාදනය වීමෙනි. ඔහුගේ 65 හැවිරිදි බිරිඳ ද පසුගිය 14 වැනිදා පේරදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය ගිය දෙමාපියන්ගේ 39 හැවිරිදි බාල පුත්‍රයා ද පසුගියදා එම රෝහලේ දී කොරෝනා ආසාදිතය මියගොස් ඇත.