තවත් කොරෝනා මරණ 43 ක්

තවත් කොරෝනා මරණ 43 ක් වාර්තා වෙයි

by Sagarika Chathumali 26-06-2021 | 5:34 PM

COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 43 ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25)  තහවුරු කරන ලද  මෙම මරණ  අතරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 18 දෙනා කාන්තාවන් ය. මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙකු ද වේ. අවුරුදු 30 - 59 අතර වයස්වල පසුවූ මරණකරුවන් 7 දෙනෙකු සිටින අතර ඉතිරි 35 දෙනො ම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.