පූවරසන්හි මුහුදු කූඩලු ගොවිපළට අවසර දුන්නේ කවු ද?

චීන - ශ්‍රී ලංකා හවුල් සමාගමක් පූවරසන් දූපතේ අවසර නැතිව ම මුහුදු කූඩලු ගොවිපළක් අරඹයි

by Staff writer 26-06-2021 | 9:02 PM

COLOMBO (NEWS1ST) : කිලිනොච්චි පූනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූවරසන් දූපතේ කිසිදු අනුමැතියකින් තොරව චීන - ශ්‍රී ලංකා එකාබද්ධ සමාගමක් විසින් මුහුදු කූඩලු ගොවිපළක් ආරම්භ කර තිබේ.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඇති පූවරසන් දූපත ඉතාමත් අලංකාර පරසර පද්ධතියකින් සමන්විත එකකි. මෙහි මුහුදු කෑඩැල්ලන් බෝ කිරීමේ ගොවිපළක් තමන්ට ලබා දෙන ලෙස එම ප්‍රදේශයේ ජනතාව අදාළ අංශවලට කිහිප වරක්ම ඉල්ලීම් කර තිබුණ ද එම ඉල්ලීම් නොසළකා හැර ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශසීන් පවසන්නේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගම මේ වනවිට මුහුදු කූඩැල්ලන් බෝ කිරීම ආරම්භ කර ඇති බවයි. මේ පිළිබඳව කළ විමසීමකදී ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය පැවසුවේ, මුහුදු කෑඩැල්ලන් කළපු ජලයට මුදා හැර චීන - ශ්‍රී ලංකා හවුල් සමාගම අදාළ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවයි . අවසරයකින් තොරව ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ස්ථානීය පරීක්ෂාවක් ඊයේ දිනයේදී සිදු කළ අතර අදාළ ව්‍යාපෘතිය නතර කිරීමට කටයුතු කරන බව ද ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ය. මෙම අනවසර ව්‍යාපෘතිය සඳහා චීන - ශ්‍රී ලංකා හවුල් සමාගමකට අවසර ලබා දුන්නේ කවුද ?