by Staff writer 26-06-2021 | 10:13 PM
COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් මෙරට පරිසරයට හා සමාජයට සිදු වූ හානිය තවම අවසන් වී නොමැත.
අදත් කැස්බෑවෙකු කුඩා පයාගල බහුකාර්ය ධීවර වරාය අසළ වෙරළ තීරයට ගොඩ ගසා තිබුණි.
මේ වනවිට ගොඩ ගසා ඇති කැස්බෑ සිරුරු ප්‍රමාණය 110ට අධිකයි.
එහෙත් අදටත් මේ මරණවලට නිසි හේතුව පැහැදිලි කිරීමට නොහැකිවීම කෙතරම් ලැජ්ජා සහගත කරුණක් ද?
මේ අතර නෞකා අනතුරින් ධීවර කේෂ්ත්‍රයට සිදු වූ හානි පූර්ණය කර ගැනීම සඳහා වන්දි ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබේ.
ඒ, නීතිපතිවරයා ඉදිරිපත් කළ වන්දි ඉල්ලීම සලකා බලමිනි.
නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, එම වන්දිය රුපියල් මිලියන 715ක් වන බවය.
එම වන්දි මුදල් භාණ්ඩාගාර දෙපාර්තමේන්තු ගිණුමේ තැන්පත් කිරීමට නියමිතය.
මේ අතර අතුරු හිමිකම් පෑමේ සෙසු වන්දි ඉල්ලීම තවදුරටත් සැකසෙමින් පවතින බව ද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පාරිසරික හානි සමීක්ෂණය කිරීම සහ ප්‍රදාන හා වැදගත් හිමිකම් ප්‍රදාන ගණනය කිරීමට ජාත්‍යන්තර ගැලපුම් නීතිඥවරයෙකු තෝරා ගැනීමට නියමිත බවයි.
ඒ සම්බන්ධ අවසන් තීරණය ගන්නේ ලබන අඟහරුවාදායි.