by Sagarika Chathumali 26-06-2021 | 6:14 PM
COLOMBO (NEWS1ST) : නවගමුව, රණාල ප්‍රදේශයේදී කැලණි ගඟේ පා වෙමින් තිබියදී හමුවූ පිරිමි මළ සිරුර හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, මළ සිරුර 54 හැවිරිදි කට්ටඩියෙකුගේ බවට හඳුනාගෙන ඇති බවයි.
අදාළ මළ සිරුරේ දෑත් පිටුපසට කර දම්වැලකින් ගැට ගසා අගුළු දමා තිබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
හල්දුම්මුල්ල ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වන මොහු අනියම් බිරිද සමග වසරක කාලයක් තිස්සේ එම කුලී නිවසේ තාවකාලිකව පදිංචිව සිට ඇත.
පසුගිය 23 වනදා රාතී 10.00 ට පමණ නිවසට පැමිණි පිරිසක් මොහු පැහැරගෙන ගොස් ඇති බවත් අද (26) දිනයේ ඔහුගේ සිරුර කැලණි ගඟේ පා වමෙින් තිබියදි එලෙස හමුවී ඇති බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.