සංචරණ සීමා ලිහිල් කෙරේ..

මුහුණු ආවරණ පැළඳීමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානයක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Hashini De Mel 25-06-2021 | 9:12 AM

COLOMBO (News 1st) - සංචරණ සීමා අද (25) අලුයම 4.00 ලිහිල් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

සංචරණ සීමා ඉවත් කරත් එදිනදා කටයුතු කිරීමේදී අදාළ සෞඛ්‍ය උපමානවලට අනුව කටයුතු කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 743 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. මෙයින් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙන් ය. එම සංඛ්‍යාව 85 කි. ඊට අමතරව මාතලේ ප්‍රදේශයෙන් 78 ක්, මහනුවර ප්‍රදේශයෙන් 66 ක්, ගම්පොළ ප්‍රදේශයෙන් 64 ක් හා පුත්තලම ප්‍රදේශයෙන් 50 ක් ⁣එලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ, අද දිනයේ මුහුණු ආවරණ පැළදීමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරන බවය.